ඒ මහතා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යංශයේ පසුගිය දා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගි වෙමිනි.
2019 සඳහා පළමු වසරට ළමුන් ඇතුලත් කර ගැනීමේ චක්‍රලේඛය පිළිබඳ සහ ක්‍රමවේද පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු මෙහිදී සාකච්ඡාවට ලක් විය.
එහිදී ලකුණු ලබාදීමේ ක්‍රමවේද සහ තෝරාගත් දරුවන් පදිංචිව සිටින ස්ථානයන් පිළිබඳ විස්තර මෙන්ම පුද්ගලිකත්වයට ගැටලුවක් ඇති නොවන දරුවන්ගේ සුදුසුකම් සම්බන්ධ සියලු තොරතුරු ප්‍රසිද්ධ කිරීම පිළිබඳව අවධානය යොමුකරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීමේදී සිදු කෙරෙන දූෂණ සහ අක්‍රමිකතා වළක්වාලීමේ අරමුණින් මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
ව්‍යාජ ලෙස සකස් කරන ලද ලේඛන යොදාගනිමින් දරුවන් පාසල් වලට ඇතුළත් කිරීම සඳහා ඇතැම් මාපියන් කටයුතු කිරීම හේතුවෙන් නිසි සුදුසුකම් සපුරන ලද පාසල් අවට ජීවත්වන දරුවන්ට අසාධාරණයන් සිදුවන බවට ලද පැමිණිලි මෙහිදී විශේෂ අවදානයට ලක්ව තිබේ.
මීට අමතරව පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛයෙහි සුළු සංශෝධන කිහිපයක් සිදු කිරීමටද අවධානය යොමුව තිබෙන අතර ඒ විහාර දේවලගම් පනත, තෑගි ඔප්පු සහ තවත් කරුණු කිහිපයක් සැළකිල්ලට ගනිමින් බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.