අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දීඝවාපි චෛත්‍යය ප්‍රතිසංස්කරණ කටයුතු අරඹන්නැයි අධ්‍යාපන ඇමතිගෙන් උපදෙස්

    අප්‍රේල් 15, 2018

    නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු කඩිනම් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලබා දුන් උපදෙස් අනුව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ වන විට දීඝවාපී චෛත්‍යය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

    දීඝවාපී චෛත්‍යය ජනතාවගේ වන්දනාවට කඩිනමින් පත් කිරීම සඳහා පවතින ප්‍රධාන බාධාව මෙහි සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය ගඩොල් මිලියන 25 ක් සපයා ගැනීම බවත් එබැවින් සංරක්ෂණ කටයුතු සඳහා වසර 5 ක් ගතවන බවත් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා සඳහන් කරයි.

    මේ පිළිබඳ අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම ගඩොල් ප්‍රමාණය සපයාගැනීමේ ගැටලුවට විසඳුම් ලබා දීම සඳහා ප්‍රමිතිගත ගඩොල් නිපදවන්නන් සමග සාකච්ඡාකර ඊට විසඳුම් ලබාදීමට තමන් මැදිහත් වන බවත් ඒ අනුව ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීමට හැකිවන බවත් පෙන්වා දෙන ලදී.

    මීට අමතරව දීඝවාපී පුදබිමෙහි පිහිටි චෛත්‍යය ඇතුළු අනෙකුත් සියලුම පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමටත් ඒ සඳහා බාධාවන් ඇත්නම් ඒ පිළිබඳ තමන් දැනුවත් කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව දීඝවාපී චෛත්‍යය පෙර තිබූ තත්ත්වයට යළි ගොඩනැගීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 667 කි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya