අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සවසට වැසි ඇතිවීමේ තත්ත්වයක්

    අප්‍රේල් 14, 2018

    සවස් කාලයේ ගිගුරුම් වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    දකුණු වෙරළ බඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක.

    සමහර ස්ථාන වලට (විශේෂයෙන් බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වල) මි.මී. 100 ක පමණ තද වැසි බලාපොරොත්තු වේ.

    සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (14) දහවල් 12:10ට කිළිනොච්චි, වඩ්ඩක්කච්චි සහ ඉරුඩ්ඩුමඩු යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya