අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද්ධ හමුදා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රිඩකයාට නව නිවහනක්

    අප්‍රේල් 14, 2018

    පසුගිය මානුෂීය මෙහෙයුම් සමයේ මව්බිමේ ආරක්‍ෂාව වෙනුවෙන් විශේෂ දායකත්වයක් දක්වමින් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දි ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද මෝටාර් ප්‍රහාරයක් හේතුවෙන් සිය දෙනෙත් අහිමි වු ගජබා රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් ජේ.පී.ඩී රවින්ද්‍ර වෙත නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාශයේ සංවිධානයෙන් නව නිවස පරිත්‍යාග කෙරිණි.

    මෙම උත්සවය නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

    මීට දින කිහිපයකට ප්‍රථම හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෘෂ්‍යාබාධිතයින් 29 දෙනෙකු සඳහා තිස්සමහාරාම, රන්මිණිතැන්න ප්‍රදේශයේ ඉදිකරනු ලැබු ‘සියනෙතුගම’ නිවාස සංකිර්ණය විවෘත කිරීමේ රාජ්‍ය උත්සවයේ සම්භාවනීය ආරාධිත අමුත්තා වශයෙන් ඇරයුම් ලද ගජබා රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් ජේ.පි.ඩි. රවින්ද්‍ර හට නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් කොළඹ ප්‍රදේශයෙන් නිවසක් ලබාදෙන බවට දුන් පොරොන්දුව මත ඔහුට අගුලාන නිවාස සංකිර්ණය තුළින් මෙම නව නිවහන හිමිවන ලදී.

    මාණ්ඩලික සැරයන් ජේ.පී.ඩී. රවින්ද්‍ර යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය යටතේ පාලනය වන රාගම රණවිරු සෙවණ හි සේවය කරනු ලබන අතර ඔහු ජාතික දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වය මෙන්ම රණවිරු සේවා ක්‍රිඩා සමාජයේ දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද දරනු ලබයි.

    දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රිඩක මාණ්ඩලික සැරයන් ජේ.පී.ඩී. රවින්ද්‍ර 2009 වසරේ මානුෂිය මෙහෙයුම් සමයේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දි එල්ටිටිඊ ත්‍රස්තවාදින් විසින් එල්ල කරන ලද මෝටාර් ප්‍රහාරයක් හේතුවෙන් සිය දෙනෙත් අහිමි විය.

    නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශය තුළ පැවති මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ නිලධාරින්, යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත තිරුනාවුකරසු සහ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya