මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර කඩිනමින් විවෘත කරනවා

    අප්‍රේල් 14, 2018

    කොළඹ ජාතික රෝහලේ හෘද ශල්‍යාගාර ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    වසර 60 ක් පමණ පැරණි ශල්‍යාගාර දෙකක් මේ වනවිට ප්‍රතිසංස්කරණය කරන අතර, ඉන් එක් ශල්‍යාගාරයක අලුත්වැඩියා කිරීමේ කටයුතු අවසන් කර තිබෙනවා. ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදු කරන අතර අනෙක් ශල්‍යාගාරය ද කඩිනමින් අලුත්වැඩියා කර අවසන් කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය. පැරණි ශල්‍යාගාරවල විෂබීජ, දිලීර පැතිරයාමේ අවධානමක් පවතී. එම නිසා මෙම ශල්‍යාගාර නවීකරණය කිරීමට තීරණය කරන ලදි.

    හෘද රෝගීන්ගේ සැත්කම් විශේෂඥ වෛද්‍යවරුන් විසින් දවස පුරාම සිදු කරන අතර, එම වැඩපිළීවෙල පවත්වාගෙන යාමට ඔවුන් දක්වන සහයෝගය සෞඛ්‍ය අමාත්‍යවරයා අගය කරයි. පැය 24 පුරා ස්වේච්ඡාවෙන් මෙම විශේෂඥ වෛද්‍යවරුන් හෘද සැත්කම් සිදු කිරීම අනෙක් වෛද්‍යවරුන්ට ද ආදර්ශයක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya