නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය සහ බාහිර රෝගී අංශය විවෘත කෙරේ

    අප්‍රේල් 13, 2018

    නාරහේන්පිට, පොලිස් රෝහලේ නවීකරණය කරන ලද හදිසි ප්‍රතිකාර ඒකකය සහ බාහිර රෝගී අංශය විවෘත කිරීම පසුගිය දා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් සිදු කරන ලදී.

    එය නවීකරණය කරන ලද බාහිර රෝගී කාමර 05 ක් හා සැරහුම් කාමරයකින් මෙන්ම හදිසි ප්‍රතිකාර ඒකකයකින්ද යුක්ත වන අතර වැය කර ඇති මුදල රුපියල් මිලියන 16 කට අධික වේ.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා රවී විජේගුණවර්ධන, සුභ සාධන සහ වෛද්‍ය සේවා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද, පොලිස් රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රෝහිත් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙම විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya