නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා ධීවර සංස්ථාව ප්‍රථම වතාවට සිංහල අවුරුදු සමයේ සේවක හිඟ වැටුප් හා පාරිතෝෂික දීමනා පිරිනමයි

    අප්‍රේල් 13, 2018

    ධීවර සංස්ථාවේ සේවකයින්ට සිංහල හා හින්දු අලුත්අවුරුදු උත්සවය වෙනුවෙන් හිගව පැවැති පාරිතෝෂික දීමනා,වසර ගණනක් ගෙවා නොතිබු හිග වැටුප් ද ගෙවීමට පියවර ගත්තේ ය.

    පසුගිය රජය සමයේ අවිදිමත් කළමනාකරණය හේතුවෙන් වසා දැමීමට නියමිතව තිබු රාජ්‍ය ආයතනයක් වන ලංකා ධීවර සංස්ථාව මේ වනවිට නව කළමණාකාරිත්වය යටතේ ලාබ උපයන මට්ටමට පත්ව තිබේ.

    ඒ අනුව පසුගිය වසරේ රුපියල් මිලියන 36ක ලාභයක් ප්‍රථම වතාවට අත්කර ගැනීමට ලංකා ධීවර සංස්ථාවට හැකිවිය. මෙම සංස්ථාව 1968 පිහිටුවන ලද අතර, එදා සිට පසුගිය වසර දක්වා කිසිදු ලාබයක් උපයා
    නැතිවීම විශේෂත්වයකි.

    ලංකා ධීවර සංස්ථාව විසින් ප්‍රතිව්‍යුහගත කරන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළේය. මේ වනවිට ඉතාමත් ක්‍රමවත් වැඩ පිළිවෙළක් යටතේ ක්‍රියාත්මක වන අතර සේවයින් වෙනුවෙන්රු. මි. 60ක මුදලක් හිග පාරිතොසික, හිග වැටුප්, උත්සව අත්තිකාරම්, ප්‍රසාද දීමනා, අප්‍රේල් මස වැටුප, වශයෙන් අදාල සේවකයින් වෙත පිරිනැමීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් සිදු කැරිණි.

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ ලංකා ධීවර සංස්ථාව පසුගිය කාලයේ වසා දැමීමට පවා ආසන්න තත්ත්වයකට පත් වු බවයි. නමුත් දැනට ක්‍රියාත්මක කර තිබෙන නව කළමණාකරණ වැඩ පිළිවෙල යටතේ ලංකා ධීවර සංස්ථාව ලංකාවේ ප්‍රධාන සුපිරි වෙළෙදසැල්, ප්‍රධාන රෝහල් , හා ප්‍රධාන පාසල්වල ආපනශාලා සියල්ලට මත්ස්‍යයින් සපයන්නේ ධීවර සංස්ථාව විසිනි.

    එමනිසා ලංකා ධීවර සංස්ථාව මේ වනවිට ඉතාමත් හොද මට්ටමක තිබෙන බවත්, ඉදිරි දින කිහිපය තුළ මාළු සැකසුම් කර්මාන්තයට ද පිවිසෙන බව ද අමාත්‍යවරයා කීය.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, ලංකා ධීවර සංස්ථාවේ සභාපති ජගත් පෙරේරා යන මහත්වරුද සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya