එහිදී දිවයින පුරා ඩෙංගු වැඩි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශ 58ක දින 7ක්ද, අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශ 111ක දින 5ක්ද වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකවූ අතර, අප්‍රේල් 07ත් වන සෙනසුරාදා දින පාසල් පරිශ්‍ර පරීක්ෂා කිරීමද, 08වන ඉරිදා දින ප්‍රජා දායකත්වයෙන් ශ්‍රමදාන කටයුතුද සිදුකර තිබේ.
ජාතික මදුරු මර්දන සතිය සදහා දිනකට ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බලකායේ සහ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම් සාමාජිකයන් 10,000ක් පමණ සිය සහභාගීත්වය ලබාදුන් අතර, එම කණ්ඩායම් විසින් මෙම සතිය තුලදී පරිශ්‍ර 463,827 පරීක්ෂාවට ලක්කර ඇත.
මෙහිදී පාසල්, ඉදිකිරීම් පරිශ්‍ර, කර්මාන්තශාලා, වෙනත් අධ්‍යාපන ආයතන, ආගමික ස්ථාන සහ පොදු ස්ථාන මදුරුවන් බෝවිය හැකි සහ මදුරු කීටයන් සහිත වැඩි අවධානම් ස්ථාන ලෙස හඳුනාගෙන ඇත.