නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උත්සව සමය තුළ විශේෂ අධීක්ෂණ වැඩසටහනක් - ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව

    අප්‍රේල් 11, 2018

    2018 සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය තුළ සමස්ත දිවයිනම ආවරණය වන පරිද්දෙන් සුරා අපරාධ සහ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිත අක්‍රමිකතාවන් වැළැක්වීම පිණිස විශේෂ අධීක්ෂණ වැඩසටහනක්
    ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කොට ඇත.


     2018 අප්‍රියෙල් මස 09 වන දින සිට 15 දින දක්වා පැවැත්වෙන මෙම විශේෂ අධීක්ෂණ වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීම සදහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන අඛණ්ඩ අධීක්ෂණයට ලක්කිරීමටත්, මහජන පැමිණිලි හා තොරතුරු මත සුරාබදු අපරාධ සිදුකෙරෙන ස්ථානයන් වැටලීමට හා එම සුරා අපරාධ ග්‍රහණය කිරීමටත් සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන්හට උපදෙස් ලබා දී ඇත.


    මෙම වැඩසටහන අධීක්ෂණය කිරීමේ වගකීම ඒ ඒ සුරාබදු කොට්ඨාශ භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන් හට සහ ඒ ඒ සුරාබදු මණ්ඩල භාර සුරාබදු අධිකාරිවරුන් හට පවරා ඇති අතර, සුරාබදු මූලස්ථානය මගින් එම වැඩ සටහනෙහි ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සදහා විශේෂ යාන්ත්‍රණයක් ස්ථාපිත කොට ඇත.


    මෙම වැඩ සටහන සාර්ථක කරගැනීම සදහා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මහජනතාවගේ සහයෝගය අපේක්ෂා කර සිටී. ඒ අනුව දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිදුවන සුරා අපරාධ සහ සුරාබදු

    බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිත අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් පහත දැක්වෙන අංක භාවිතා කරමින් තොරතුරු ලබාදෙන ලෙස මෙයින් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    දුරකථනය: 0112 – 045 077
    ෆැක්ස්: 0112 – 877 882
    විද්‍යුත් ලිපිනය:‍ This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

     

    මේ පිළිබද වැඩිදුර විස්තර පහත දුරකථන අංකයෙන් විමසා ලබාගත හැකිය.

    දුරකථනය: 0113 – 888 032
    ජංගම: 0772 – 602 842
    විද්‍යුත් ලිපිනය: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
    ෆැක්ස්: 0112 - 877 895

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya