නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංගමය පෞර්ෂ සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    අප්‍රේල් 04, 2018

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රාජ්‍ය ආයතනයක් විසින් පෞර්ෂ සංවර්ධන අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රායෝගික පුහුණුවීම් සමඟ බැහැරගත පුහුණු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කළුතර, පළාතොටදී ආරම්භ කරයි.

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල විධායක මට්ටමේ සිට පහලම මට්ටම දක්වා නිළධාරීන්ගේ හා සේවකයින්ගේ මානසික අභිවෘද්ධිය, සම්පත් කළමණාකරණය, නව ආකල්ප වර්ධනය, සාමුහිකත්වය ගොඩනැගීම හා ඒ තුළින් ඵලදායීත්වය ගොඩනැංවීම අරමුණු කරගනිමින් මෙම පෞර්ෂ සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.

    දේශන ශාලා තුළ සිට පැවැත්වෙන මානව සම්පත් සංවර්ධන පුහුණු පාඨමාලාවන්ට හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගනිමින් බාහිර ක්‍රියාකාරකම් සමඟ සාමුහිකත්වය පදනම් කරගත් විවිධ වැඩසටහන් රැසක් මෙම පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන විවිධ සමිති සමාගම් වලට මෙම මධ්‍යස්ථානයේදී එකවර සියදෙනෙකුට පමණ නේවාසික පුහුණුවීම් හා උපදේශන වලට සහභාගී විය හැක. ආහාරපාන හා නඩත්තු වියදම් සඳහා පමණක් ඉතාමත් සාධාරණ මුදලක් අයකෙරෙනු ඇත.

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් මත, ශ්‍රී ලංගම සභාපති රමල් සිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංගම සේවකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ගරා වැටී තිබු කළුතර පළාතොට ශ්‍රී ලංගම රියදුරු අභ්‍යාස විද්‍යාලයට මෙලෙස නව ජීවයක් ලබාදී පුහුණු මධ්‍යස්ථානයක් ලෙසට බිහි කර ඇත. මේ සඳහා වැය වී ඇත්තේ රුපියල් ලක්ෂ 50 ක් පමණ වියදමක් වන අතර, අනෙකුත් ඉදිකිරීම් ශ්‍රී ලංගම සේවකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් සිදුකෙරිණ.

    මෙම පෞර්ෂ සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කරමින් අදහස් පළකල ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ, ශ්‍රී ලංගම සේවකයින්ගේ විනය, මානසික සංවර්ධනය, කාර්යක්ෂමතාවය හා සේවකයින්ගේ ආකල්ප වෙනස් කිරීම සඳහා මෙවැනි ප්‍රායෝගික පුහුණු පාඨමාලා පැවැත්වීම ඉතාමත්ම යෝග්‍ය බවයි. ඒ ගැන තමා ඉතාමත්ම සතුටු වන බවද අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම මෙය පරිපාලන අංගයක් බවද ලෝකයේ දියුණු රටවල සේවක අභිවෘද්ධිය හා ඵලදායීත්වය ඉහළ නැංවීම සඳහා මෙවැනි ක්‍රම උපායන් අනුගමනය කරමින් ඔවුන්ගේ නිෂ්පාදිත ඉලක්කයන් වෙත ගමන් කරන බවද පැවසීය. තිස්දහසක් පමණ වු අතිරික්ත සේවක සංඛ්‍යාවක් වු ශ්‍රි ලංගමයේ සේවක පිරිස හයදහසකින් පහළ දැමීමට හැකිවු බවද, ඒ තුළින් සම්පත් බෙදී යාමේ අගය ඉහළ ගොස් ඇති බවද, ශ්‍රී ලංගමය මේ වන විට මූල්‍ය කළමණාකරණය නිවැරිදිව ඉටුකරමින් සේවක වැටුප් ආදිය නිසි අයුරින් ලබාදෙන බවද පැවසීය.


    එමෙන්ම පෞද්ගලික ව්‍යවසායකයින් සමඟ තරඟ කරමින් ශ්‍රී ලංගමය උපායමාර්ගික ආදායම් ලැබීම කෙරෙහි නැඹුරුවිය යුතු බවද අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදි. එම නිසා මෙම ආයතනය වඩාත් ඵලදායී ලෙසත්, අර්ථාන්විතවත් පවත්වාගෙන යාම සඳහා සුදුසු කළමණාකාරීත්වයක් ඇති කළ යුතු බවද මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ මහතා, ශ්‍රි ලංගම සභාපති රමල් සිරිවර්ධන මහතා, ඇතුළු ශ්‍රී ලංගම නිළධාරීන් හා මෙම මධ්‍යස්ථානයේ පුහුණු උපදේශකයින් වන චන්දන ගුණවර්ධන මහතා ඇතුළු උපදේශක මණ්ඩලයද සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya