මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිවිරෝධී විදේශ රැකියා ආයතනයක් වටලයි

    මාර්තු 31, 2018

    ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මූත්තූර් ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී රැකියා ඒජන්සියක් වැටලීමට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය සමත්විය.

    මුත්තූර්හි පදිංචිකරුවෙකු විසින් මුත්තූර් නගරයේ පවත්වාගෙන ගිය මෙම නීති විරෝධී විදේශ රැකියා ආයතනය වටලන අවස්ථාවේදී එහි තිබී පුද්ගල ගමන්බලපත‍්‍ර 05 ක්, විදේශ රැකියා අයදුම්පත්,

    වීසා ගමන් බලපත‍්‍ර ඡුායා පිටපත් ඇතුළු ලිපි ලේඛන රාශියක් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මුත්තුර් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේ ය.

    නීති හා විශේෂ විමර්ශණ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කිර්ති මුතුුකුමාරණ මහතාගේ උපදෙස් පරිදි කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමණාකරු ප‍්‍රධාන පොලිස් පරික්ෂක සී.ජී.වෙලගෙදර මහතාගේ අධීක්ෂණය යටතේප‍්‍රධාන පොලිස් පරීක්ෂක අතුළ පෙරේරා, සහකාර කලමණාකරු රසික සිරිසේන, උප පොලිස් පරික්ෂක නුවරපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම වැටලීම සිදු කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya