මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජල ශාස්ත්‍රීය සිතියම් 04ක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට

    මාර්තු 31, 2018

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල ශාස්ත්‍රීය අංශය විසින් සකස් කළ උතුරේ ධීවර වරායන් සංවර්ධනය සඳහා අවශ්‍ය ජල ශාස්ත්‍රීය සිතියම් 04ක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට බාර දෙයි.

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල ශාස්ත්‍රීය කාර්යාලය අංශය විසින් උතුරේ ධීවර වරායන් සංවර්ධනය සඳහා අවශ්‍ය ජල ශාස්ත්‍රීය සිතියම් 04ක් පසුගිය (28) ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දුන්නේය උතුරු පළාත තුළ ධීවර වරායන් 07ක් සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇති අතර එම ස්ථානවල ජල ශාස්ත්‍රීය මෙන්ම භූ ලක්ෂණ ද විශ්ලෙෂණය කිරීමෙන් අනතුරුව මෙම සිතියම් සකස් කර තිබේ. ඒ අනුව යාපනය ප්‍රදේශයේ මූනායි, පේදුරු තුඩුව, සක්කෝඩෙයි හා ඩෙල්ෆ්ට් දූපත් වල තලෙයිතුරා ප්‍රදේශවල මෙම සිතියම් සකස් කර ඇත.

    මේ සඳහා වැය කිරීමට ඇස්තමේන්තු ගත කර තිබු මුදල රුපියල් මිලියන 10ක් වුවත් නාවික හමුදාව විසින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදෙස් මත එම සිතියම් සකස් කිරීම නොමිළයේ සිදු කර දී තිබේ.

    එමනිසා රජයට රුපියල් මිලියන ගණනක් ඉතිරි කර ගැනීමට හැකි වු බව මෙම සිතියම් අමාත්‍යවරයා වෙත බාර දෙමින් රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට නාවික හමුදාවේ ජල ශාස්ත්‍රීය අංශයේ නිලධාරින් මෙන්ම අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා ඇතුලු පිරිසක් සහභාගි වුහ.

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා නිවාක හමුදාව විසින් ලබා දුන් සහයෝගයට තම කෘතඥතාව පළ කළේය.

    එමෙන්ම වැඩි දුරටත් අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ සියලුම ආරක්ෂක අංශ සෑම කාර්යයයක දීම තම පරිපූර්ණභාවය ප්‍රදර්ශනය කර තිබෙන බවයි. පසුගිය කාලය තුළ පැවැත් ත්‍රස්තවාදය විනාශ කිරීමේ යුද්ධය ජයගැනීම පමණක් නොව ඉන් අනතුරුව රටට එල්ල වු ස්වාභාවික ආපදාවන්, ගංවතුර ගැලීම්, නායයාම් මෙන්ම සුනාමි ව්‍යසනයේ දී පවා යුධ හමුදාව, නාවික හමුදාව මෙන්ම ගුවන් හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ආරක්ෂක අංශ කිසිදු අංශු මාත්‍රයකින් හෝ අසාර්ථකත්වයක් ලබා නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. එමෙන්ම ඉන්දීය ධීවර ගැටළුවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වඩාත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කිරීම නිසා ඇතිවිය හැකි ගැටළු පාලනය කර ගැනීමට හැකිව තිබේ.

    එමෙන්ම ධීවර වරායන් ඉදි කිරීමේ දී මෙවැනි ජලශාස්ත්‍රීය සිතියම් සකස් කර දීම තුළින් ද රටේ සංවර්ධනයට ලබා දෙන ප්‍රශස්ත දායකත්වය ඇගයීමට ලක්විය යුතුයැයි ද අමාත්‍යවරයා කීය.


    එමෙන්ම අපේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සිටින සෑම කෙනෙක්ම විවිධ අවස්ථාවන්හි දී නොයෙක් වරප්‍රසාද ඉල්ලා උද්ගෝෂණය කරනවා. වැඩවර්ජනය කරනවා. ජනතාවට හිංසා පීඩා වන අයුරින් කටයුතු කරනවා. නමුත් අපේ ආරක්ෂක අංශවල නිලධාරින් ඇතුළු සියලු සාමාජිකයින් කිසිම දිනෙක වැඩි වැටුප් ඉල්ලා හෝ වෙනත් කාරණයක් සඳහා හෝ වැඩවර්ජන, උද්ඝෝෂණ කර නැහැ.

     එවැනි විනයක් රටේ සෑම අංශයකම ගොඩනැගිය යුතු යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා, ජල ශාස්ත්‍රීය අංශයේ ප්‍රධානී රියර් අද්මිරාල් සිසිර ජයකොඩි, ජලශාස්ත්‍රීය මෙහෙයුම් අධ්‍යක්ෂ කපිතාන් කෝසල වර්ණකුළසුරිය යන මහත්වරු ද සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya