නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රම වාසනා අරමුදල අද වෙනකොට ජනතාවට නැතුවම බැරි ආයතනයක් බවට පත් වෙලා

    මාර්තු 30, 2018

    ශ්‍රම වාසනා අරමුදල අද වෙනකොට අපේ රටේ ජනතාවට නැතුවම් බැරි ආයතනයක් බවට පත්වී ඇති බව කම්කරු,වෘත්තීය සමිති සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ (28)දින කොළඹදී පැවැති උත්සවයක් අමතමිනි. කම්කරු,වෘත්තීය සමිති සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රම වාසනා අරමුදලට වසර විස්සක් පිරීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණ.

    දිවයින පුරා විවිධ ප්‍රදේශවල වෘත්තීය අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ හෝ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ සේවක සේවිකාවන්ගේ අධ්‍යාපනය ලබන දරු දැරියන් පනස් දෙනෙකු වෙත රුපියල් පනස් දහස බැගින් මුදල් ශිෂ්‍යත්ව සහ අංග සම්පූර්ණ පාසල් උපකරණ කට්ටල මෙහිදී අමාත්‍ය සෙනෙවිරත්න මහතා අතින් ප්‍රදානය කෙරිණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සෙනෙවිරත්න මහතා මෙසේද පැවසීය.
    ශ්‍රම වාසනා අරමුදල මීට වසර විස්සකට පෙර ආරම්භ කෙරුවෙ මේ රටේ වැඩකරන ජනතාවගේ සුබ සාධනය සඳහා වැඩ කිරීමටයි. මේ ආයතනය ආරම්භ කරපු අවධියේ මේ ආයතනයෙන් කෙරුණු වැඩ කොටස අද වඩාත් පුළුල් කරල තියෙනව. ඒ පිළිබඳව අපි රටේ ජනතාව විදිහට සතුටු විය යුතුයි. අද වෙනකොට අපේ රටේ ආර්ථිකය විශාල වශයෙන් පුළුල් වෙලා තියෙනව. එදා තිබුණාට වඩා වැඩ බිම් ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වෙලා තියෙනව. ඒ වගේම එදාට වඩා ශ්‍රම බලකායත් අද පුළුල් වෙලා තියෙනව. ඒ නිසා අද වෙනකොට වැඩ කරන ජනතාව මුහුණ දෙන ප්‍රශ්ණත් ඊට සාපේක්ෂව වැඩි වෙලා තියෙනව. එවැනි වාතාවරණයකදී ශ්‍රම වාසනා අරමුදල ජනතාවට ලොකු ශක්තියක්. වැඩ කරන ජනතාව මුහුණ දෙන ප්‍රශ්ණ වලදී ඔවුන්ට කිසියම් සහනයක් සැලසීම තමයි මේ ශ්‍රම වාසනා අරමුදල මගින් අපි අපේ අමාත්‍යාංශය බලාපොරොත්ත් වෙන්නෙ. ඒ කටයුත්ත ඉතාම සාර්ථකව කරන්න මේ ආයතනය සමත් වෙලා තියෙනව.

    වැඩ කරන ජනතා සුබ සාධනය උදෙසා ඇස් කණ්ණාඩි ලබාදීම්,ශිෂ්‍යත්ව ලබාදීම්,නීති ආධාර ලබාදීම් අතුළු සුබ සාධන වැඩසටහන් තව තවත් වැඩි වැඩියෙන් කිරීමට මෙම ආයතනය කටයුතු කරනු ඇතැයි තමන්
    අපේකෂා කරන බව ද අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා මෙහිදී පැවසීය.

     කම්කරු අමාත්‍යාංයේ ලේකම් නිමල් සරණතිස්ස මහතා ද උත්සවය අමතා අදහස් පළකළ අතර මෙම උත්සවය සඳහා ශ්‍රම වාසනා අරමුදලේ සාමාන්‍යාධිකාරි ඩී.ආර්.ජයලත් මහතා ඇතුළු විශාල පිරිසක්

    එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya