නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්ලයිෆොසෙට් තහනම ගැන තීරණයක් ගැනීමට කමිටුවක්

    මාර්තු 27, 2018
    ග්ලයිෆොසෙට් තහනම සම්බන්ධයෙන් වන තීරණයක් ගැනීම සඳහා වැවිලි, සෞඛ්‍ය, කෘෂිකර්ම හා ගොවි සංවිධාන නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත දැනුම්දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
     
    ඒ අනුව අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, නවීන් දිසානායක, දුමින්ද දිසානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමියන් මෙහි නිරීක්ෂකයන් වශයෙන් කටයුතු කිරීමට ද අද (27) පැවැති අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළ බවද අමාත්‍යවරයා පෙන්වා දුනි.
     
    එමෙන් ම කෘෂිකර්ම අමාත්‍යංශයෙන් හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශ වෙතින් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා දෙකක් සාකච්ඡාවට ගැනීමේ දී මෙලෙස කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කොට ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya