ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පාසල් මට්ටමේ ප්‍රධාන කඩඉම් විභාග තුනෙහි ම (5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. (සා/පෙළ) විහාගය හා අ.පො.ස.(උ/පෙළ) විභාගයේ) ප්‍රතිඵල සෑම වසරක ම නියමිත දිනයන්හි දී නිකුත් කරන ලෙසට ලබා දී ඇති උපදෙස් අනුවයි.
අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සෑම වසරක ම ඔක්තෝබර් මස 5 වැනි දින ද, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු 28 වැනි දින ද , අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බර් මස 28 වැනි දින ද නිකුත් කෙරෙනු ඇත.