නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුලියාපිටියේ දරුවාට අධ්‍යාපන අමාත්‍යාංශයේ උපකාර දිගටම

    මාර්තු 25, 2018

    මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයේ මේ වන විට අධ්‍යාපනය හදාරන කුලියාපිටියේ දරුවා පදිංචිව සිටින කුලී නිවසේ ඉදිරි වසර සඳහා කුලී මුදලට අදාළ චෙක්පත අබාන්ස් ආයතනය විසින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත ලබා දීම පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණි.

    "HIV ආසාදනය පිළිබඳ අනියත බියක්" හේතුවෙන් අධ්‍යාපනය කඩාකප්පල් වූ කුලියාපිටිය දරුවා සම්බන්ධව පසුගිය වකවානුවේ සමාජය තුළ වැඩි අවධානයක් යොමු වී තිබුණි.

    ඇතැම් පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ නොසැලකිල්ල සහ වගකීමකින් තොර ක්‍රියාකලාප හේතුවෙන් අසාධාරණයට ලක් වූ මෙම සිසු දරුවාගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සෘජුවම මැදිහත් විය.

    ඒ අනුව මෙම සිසු දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කර ගෙන යාම සඳහා පාසලක් ලබාදීමටත් පාසල ආසන්නයෙන්ම නිවසක් ලබාදීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සෘජු උපදෙස් මතයි.

    මෙම නිවසේ කුලී මුදල 2016 වසරේ මාර්තු මාසයේ සිට වාර්ෂිකව ලබාදීමට අබාන්ස් ආයතනය ඉදිරිපත් වී සිටින අතර සමාජ සංවේදී සිදුවීම්වලදී මානුෂීයව මැදිහත්වීම පිළිබඳ පුද්ගලිකවම අබාන්ස් ආයතනයට තමා ස්තූතිවන්ත වන බව මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා ද එක්ව සිටියේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya