නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික තලයේ බොහෝ දේශපාලඥයන්ගේ ආරම්භය පළාත් පාලන ආයතනයයි

    මාර්තු 24, 2018

    පළාත් පාලන ආයතනවල නියෝජිතයන් ජාතික තලයේ ප්‍රශ්නවලට වඩා තම ප්‍රදේශයේ ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් බවත් ජාතික තලයට පැමිණි බොහෝ දේශපාලඥයන් ප්‍රාදේශීය දේශපාලනයෙන් දේශපාලන ගමන ඇරඹූ අය බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    මහනුවර දිස්ත්‍රිකයේ පළාත්පාලන ආයතන 22 ක එ.ජ.ප. නියෝජිතයන් 220ක් අද දිවුරුම් දීම සිදු කළ අතර එහිදී අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. පළාත් පාලන ආයතනය දේශපාලනයේ තොටිල්ල බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

    මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලකී ජයවර්ධන,ආනන්ද අලුත්ගමගේ යන මහත්වරු ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් රැසක් එක්ව සිටියහ.

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය- මහනුවර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya