නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොහෝ දේශපාලකයින් ජාතිවාදය පෝෂණය කර ඇත්තේ දේශපාලන බලය ලබා ගැනීමටයි- අමාත්‍ය එස්.බී. දිසානායක

    මාර්තු 24, 2018

    බොහෝ දේශපාලකයන් විසින් සෑම විටම ජාතිවාදය පෝෂණය කර ඇත්තේ දේශපාලන බලය ලබා ගැනීමට බවත්, ලෝකයේ සියළු අන්තවාදී හැගීම් බිහි කළේ ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීම සදහා බවත් සමාජ සවිබල ගැන්වීම් හා උඩරට උරුමයන් පිළීබද අමාත්‍ය එස්. බී .දිසානයක මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන සදහා තේරීපත් වූ මහජන නියෝජිතයන් දිව්රුම්දීමේ උත්සවයට සහභාගී වෙමිනි.අද (23) මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය පැවත්විනි.

    2015 බලයට පත් වූ වත්මන් රජය පළාත් පාලන ආයතන සදහා කොට්ඨාශ ක්‍රමය හදුන්වා දීමට කටයුතු කළ බවත්, මීට පෙර රජයන් කිහිපයක් ඊට උත්සාහ ගත්තද එය අසාර්ථක වූ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, පනතේ ඇති යම් යම් විකෘති තත්වයන් තව දුරටත් සංශෝධනය කොට ඉදිරියේදී වඩාත් සුදුසු මැතිවරණ ක්‍රමයක් හදුන්වා දෙන බවද මෙහිදී වැඩි දුරටත් පැවසීය.

    මෙම දිවුරුම්දීමේ අවස්ථාවේදී මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ ,සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සදහා තේරීපත් වූ පළාත් පාලන ආයතන නියෝජිතයන් 149 ක් දිවුරුම් දීම සිදු විය. මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසුවේ මෙම පළාත් පාලන ආයතන නියෝජිතයන්ට ප්‍රදේශයේ සංවර්ධනය උදෙසා විශාල කාර්ය භාරයක් පැවරෙන බවයි. එහිදී පළාත් පාලන නීතිය පිළිබද හොදින් හදාරා එම නීති රීති වලට අනුකූලව හැකිතාක් තම කාර්ය භාරය ඉටු කිරීමට කටයුතු කරන ලෙසත් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya