අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කෙරේ

    මාර්තු 23, 2018

    රත්නපුර, කුරුවිට පිහිටි ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය සහ ප්‍රතිසංස්කරණය කරන ලද සෙසුනිල භෝජනාගාරය, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතාගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ සුරතින් පසුගියදා විවෘත කරනු ලැබීය.

    ඉන්අනතුරුව යුද්ධ හමුදාධිපතිවරයා විසින් ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථාන සංචාරය සනිටුහන් කරමින් එම මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේ ය.

    ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජයම්පති තිලකරත්න මහතාගේ සහභාගීත්වයෙන් ගැමුණු හේවා රෙජිමේන්තුවේ දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමට සහ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහර පුද කිරීම හමුදාපතිවරයා විසින් සිදු කළේ ය.

    මෙම ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රමදායකත්වය සැපයු සියලු නිලයින් අගයමින් විශේෂ සහතික පත්‍රයක් ද මෙහිදි ප්‍රදානය කළ අතර උත්සවය අවසානයේ ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා, යුද්ධ හමුදාධිපතිවරයාට සිය කෘතඥතාව පිරිනමමින් සංකේතාත්මක සමරු තිළිණයක් ද ප්‍රදානය කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya