අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙඳ සේවාවේ ගැටලු 17 කට සුව ඇමැතිගෙන් විසදුම්

    මාර්තු 23, 2018

    හෙඳ සේවාව මුහුණ දී ඇති ගැටලු 17 ක් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි.


    මෙහිදී හෙඳ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීම, විවිධ දීමනා ඉහළ නැංවීම, හෙද සේවාවට ගෙවනු ලබන සුවිශේෂි දීමනාව ඉහළ නැංවීම ඇතුලු ගැටලු 17 ක් සාකච්ඡාවට බදුන් විය.


    නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හෙඳ කාර්ය මණ්ඩලයේ වැටුප් ප්‍රමාදවීම පිළිබද ගැටලුව සාකච්ඡා කළ අතර, එම හෙද කාර්ය මණ්ඩලයේ ලිපිගොනු කඩිනමින් සකස් කර වැටුප් ගෙවන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කරන ලදි. මෑතකදී උසස්වීම් ලැබූ ඡ්‍යෙෂ්ඨ හෙඳ නිලධාරින් සහ මාණ්ඩලික හෙඳ හෙදියන්ගේ සේවා ස්ථාන ලබාදීමෙන් පසු මතුව ඇති ගැටලු පිළිබදව ද සාකච්ඡා කිරිමට තීරණය කරන ලදි. ඒ සදහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (හෙද) එම්.බී.එල් රහුමාන් මහතාට නියෝග කළේය.


    තවද හෙඳ විදුහල්වල විදුහල්පතිවරුන්ට නිල රථයක් ලබාදීමට ද තීරණය කරන ලදි. හෙද විද්‍යාල 05 ක් සදහා බස් රථ ලබාදීමට ද තීරණය කළ අතර, හෙඳ ආචාර්යවරුන්ගේ ඉගැන්වීමේ දීමනාව ඉහළ නැංවීමට ද යෝජනා කෙරුනි.

    මෙම අවස්ථාවට රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතා ඇතුලු අමාත්‍යාංශ නිලධාරීන් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya