අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිනිගත් ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් විමර්ශනයට සිව් පුද්ගල කමිටුවක්

    මාර්තු 23, 2018

    දකුණු මුහුදු තීරයේ දී ගිනිගැනීමට ලක්වු ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් කරුණු විමර්ශනය සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සිවු පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

    මෙම සිද්ධිය සැළවු වහාම විමර්ශනයක් අරඹන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතාට උපදෙස් දෙනු ලැබීය.

    ඒ අනුව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් වහාම මෙම කමිටුව පත් කරන ලද අතර ඊට අමාත්‍යාංශයේ විමර්ශන අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ධීවර අධ්‍යක්ෂ හා සහකාර අධ්‍යක්ෂ මෙන්ම නාවික ඉංජිනේරුවරයෙක් ද ඇතුළත්වේ. එම පිරිස විසින් අදාල විමර්ශන කටයුතු සඳහා මේ වනවිටත් එම ස්ථානය වෙතට යමින් සිටින අතර ඔවුන්ගේ විමර්ශනවලින් අනතුරුව යාත්‍රාව ගිනිගැනීමට හේතු ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

    එමෙන්ම අනතුරට ලක් වු ධීවර යාත්‍රාවේ සිටි ධිවර කාර්මිකයින් අට දෙනාම නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවීම සතුටට කරුණකි. ශ්‍රී ලංකා නාවික හමුදාව ඊට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් ඇත. කෙසේ වුවද මෙම ධිවර යාත්‍රා සඳහා රුපියල් ලක්ෂ 300ක රක්ෂණාවරණයක් ද හිමිවේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya