අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධන කටයුතුවලදී පරිසරයට හානි නොවන ලෙස කටයුතු කිරීමට උපදෙස් දුන්නා- අමාත්‍ය මහින්ද අමරවීර

    මාර්තු 23, 2018

    ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දී තිබෙන්නේ සෑම සංවර්ධන කටයුත්තක දී ම පරිසරයට හානි නොවන ආකාරයට ඒවා ක්‍රියාත්මක කරන ලෙස යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (21) ලෝක වනාන්තර දිනය නිමිත්තෙන් මට්ටකුලිය කාක දූපතේ පැවැති වන වගා වැඩ සටහනකට සහභාගි වෙමිනි.

    මහවැලි සංවර්ධන අමාත්‍යාංශය හා ජාතික වෙරළ සංරක්ෂණ හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් කාක දුපතේ වන රෝපණ වවැඩ සටහන සංවිධානය කර තිබිනි.

    එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා,


    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රමාණය සියයට 39 දක්වා ඉහළ නැංවීමේ වැඩ පිළිවෙළක් දැන් ආරම්භ කර තිබෙනවා. අපි දන්නවා පසුගිය කාලය ගත්විට අපේ රටේ කාලගුණික හා දේශගුණික තත්ත්වයේ විශාල වෙනස්වීමක් තිබෙනවා.

    අපේ ප්‍රධාන වගා කන්න දෙක වන යල හා මහා කන්න දෙක පවා වෙනස්වීම් වලට භාජනය වෙමින් තිබෙනවා. සමහර මාස් කන්නවල දී නිසි පරිදි වර්ෂාවක් ලැබෙන්නේ නැහැ. නමුත් යළ කන්නයේදී අධික ලෙස වර්ෂාව ලැබෙනවා. මෙම ඝෘතුමය වෙනස්කම් වන්නේ කෙසේදැයි අපි වටහා ගත යුතුයි. මේ සියල්ලටම හේතුවී තිබෙන්නේ මිනිසා විසින් සිදුකරන වනාන්තර විනාශය.

    අපේ රටේ වන විනාශය සුළුපටු නැහැ. සමහර ආත්මාර්ථකාමි මිනිසුන් තවමත් වනාන්තරයේ ඇති අවශ්‍යතාව වටහාගෙන නෑ. ඔවුන් මුදල් තන්හාවෙන් පරිසර පද්ධති විනාශ කරනවා. ගහක් කපන මිනිහෙක් පළමුව හිතන්න ඕනෑ තමන් ගස් කීයක් ජීවිත කාලයටම සිටුවා තිබෙනවාද යන්න. සමහරු තමන්ට සෙවණ දෙන කුඹුක් ගහ හොරෙන්
    කපා ගෙන ඇවිත් තමන්ගේ නිවසේ පඩිපෙළට දානවා. ඒ වගේම ඒ ලෑළි බිමට අතුරනවා දෙපයට සිසිල දෙන්න. නමුත්කු ඹුක් ගසක් කියන්නේ පරිසරය විශාල වශයෙන් ආරක්ෂා කරන වනස්පතියක්.

    සමහර මිනිසුන් මුළු ජීවිත කාලයටම එකම ගහක් හෝ රෝපණය කර නෑ. ඒ අතරම අපේ රටේ පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා විශාල පිරිසක් කැප වී කටයුතු කරනවා. එවැනි පරිසර සංවිධාන හා පරිසර වේදීන්හට මම මගේ කෘතඥතාව පිරිනමනවා. ඒ වගේම ගරු ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දී තිබෙන්නේ සෑම සංවර්ධන කටයුත්තක දී ම පරිසරයට හානි නොවන ආකාරයට ඒවා ක්‍රියාත්මක කරන ලෙසයි. එතුමා පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළට දක්වන කැමැත්ත අගය කළ යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසීය. 


    මෙම අවස්ථාවට මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya