අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පානීය ජල බවුසර් ලබාදිමට රුපියල් මිලියන 235ක්

    මාර්තු 22, 2018

    නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය ලංකාවේ විවිධ ප්‍රදේශවලට පානීය ජල බවුසර් ලබාදිමට රුපියල් මිලියන 235 ක මුදලක් වෙන්කර ඇත.

    ශ්‍රී ලංකාවේ සැමටම පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණෙන් ක්‍රියාකරණ නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශය, නියඟයෙන් පීඩාවිඳින, පානීය ජලයට මුහුදු වතුර මුසුවන සහ නලමාර්ගයෙන් ජලය ලබා ගැනීමට අපහසුවන ප්‍රදේශවලට ජල බවුසර් ලබාදීමට කටයුතු කරයි.

    මෙම ජල බවුසර් අදාල ප්‍රදේශවල ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහයෝගිතා සේවා මධ්‍යස්ථානයන් වෙත ලබාදුන් අතර අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ උපදෙස් පරිදි නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය ලංකාවේ විවිධ ප්‍රදේශවලට පානීය ජල බවුසර් ලබාදිමට රුපියල් මිලියන 235 ක මුදලක් වෙන්කර ඇත.

    දැනටමත් කුරුණෑගල, පුත්තලම, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, බදුල්ල, හම්බන්තොට, පොලොන්නරුව, ගාල්ල සහ කොළඹ යන දිස්ත්‍රික්ක සඳහා පානීය ජල බවුසර් ලබාදී ඇත. මීට අමතරව තවත් ජල බවුසර් 09 ක් ඊළග මාස කීපයක්තුල ලබාදීමට අමාත්‍යාංශය කටයුතු සම්පාදනය කෙරේ.

    මෙවර ලෝක ජල දිනයට සමගාමීව මාතර, මොණරාගල දිස්ත්‍රික්කවලට සහ නැගෙනහිර පළාතට ජල බවුසර් බෙදාදීමේ අවස්ථාවක් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.

    එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ඩී.ජී.එම්.වී. හපුආරච්චි, අතිරේක ලේකම් වරුවන්ව න ඒ.ඩී.එම්. නෆීල්, ඩබ්.එම්.ආර්.පී. විරසිංහ, ඇමතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් රහුමත් මන්සූර් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ දකුණු පළාත් නියෝජ්‍ය කළමණාකරු ජේ.කේ.එස්. පතිරණ සහ නගර සැලසුම් අධ්‍යක්ෂ එම්.ජේ. හේරත් යන මහත්වරුන් ද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya