ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සදහා නවීන තාක්ෂණය උපයෝගී කර ගැනීමේ අරමුණින් ප්‍රජා ආයුර්වේද වෛද්‍යවරුන්ට පරිගණක ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත.
ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එහි වැඩකටයුතු මේ වන විට ක්‍රියාත්මක වන අතර ආයුර්වේද ඖෂධ සංග්‍රහය යාවත්කාලීන කිරීමට ද පියවර ගෙන තිබෙන බවත් නවීන ලෝකයට උචිත අයුරින් ආයුර්වේද ක්ෂේත්‍රය නිර්මාණය කළ යුතු අතර තාක්ෂණය හෝ නවීන විද්‍යාව කටුකම්බි ගසා නතර කිරීමට නොහැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳව පර්යේෂණ කළ යුතුයි. ඒ සඳහා ලෝව පුරා සංවිධානවලින් ආධාර උපකාර ලැබෙනවා. නමුත් ලංකාවේ ඇතැම් සේවා කටයුතු උරග න්‍යායෙන් තමයි සිදු වන්නේ. සමහර තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට හෝ සංශෝධනය කිරිමට ඇතැම් නිලධාරීන් කැමැති නැහැ. රට වෙනස් කිරීමේ අරමුණින් තමයි නව රජය බිහි කළේ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම ගමගේ, අතිරේක ලේකම් ගීතාමනී කරුණාරත්න මහත්මිය ඇතුලු ආයුර්වේද වෛද්‍යවරුන් විශාල පිරිසක් එක්ව සිටියහ.