නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහපොළ හෝ ශිෂ්‍යාධාර ගෙවීම කිසි ලෙසකින් කප්පාදු කර නැහැ-

    මාර්තු 04, 2018

    මහපොළ හෝ ශිෂ්‍යාධාර (Mahapola /Student Bursaries) සඳහා සුදුසුකම් සපුරා ඇති කිසිදු ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට හිමි මහපොළ හෝ ශිෂ්‍යාධාර ගෙවීම් කිසිදු ලෙසකට කප්පාදු කර නොමැති බව&ඣුඔට්; විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා නිවේදනයක් මගින් කියා සිටියි.

    එම නිවේදනයේ තවදුරටත් මෙසේ ද සඳහන් වෙයි.  


    1.  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට හා මොරටුව විශ්වවිද්‍යාලයට අලුතින් බඳවාගත් (2016/ 2017 අධ්‍යයන වර්ෂය සඳහා) සියලුම සිසුනට ශිෂ්‍යාධාර අත්තිකාරම් මේ වනවිටත් ගෙවා අවසන් කර ඇත. 

    2.  2018 ජනවාරි පෙබරවාරි කාලය තුළ අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇති සියලුම පීඨවල සිසුන් සඳහා මහපොළ/ශිෂ්‍යාධාර අත්තිකාරම් මුදල් ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මේ වන විට ලබාදී ඇති අතර, ඒ අනුව අදාළ ගෙවීම් කටයුතු මාර්තු මාසය තුළදී සිදුකිරීමට විශ්වවිද්‍යාල විසින් දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇත.

    3. දැනට අධ්‍යයන කටයුතු ආරම්භ කර නැති, එහෙත් ඉදිරියේදී අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට යෝජිත විශ්වවිද්‍යාලවල සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කල දින සිට මසක් ඇතුළත මහපොළ/ ශිෂ්‍යාධාර අත්තිකාරම් මුදල් ගෙවීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇත.

    4. මහපොල ශිෂ්‍යත්වය සඳහා සුදුසුකම් ලබන අලුතින් ඇතුළත්වන සිසුන් සඳහා (2016/ 2017  අධ්‍යයන වර්ෂය සඳහා) මහපොළ ශිෂ්‍යත්ව වාරික ගෙවීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මාර්තු මාසය තුළදී විශ්වවිද්‍යාල වෙත ලබා දීමට මහපොළ භාරකාර අරමුදල කටයුතු කර ඇත.

    5. දැනට මහපොළ ශිෂ්‍යත්වය ලබමින් සිටින සියලුම සිසුන් සඳහා ඉදිරි ශිෂ්‍යත්ව වාරික ගෙවීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ වන විට සියලුම විශ්වවිද්‍යාල වෙත ලබා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya