රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ මහතා ප්‍රකාශ කළේ පරීක්ෂණ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදු කළ යුතු පරීක්ෂණ තිබේ නම් ඒ සම්බන්ධයෙන් ද කටයුතු කරන බවයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නිවැරදි වාර්තාකරණයක් සිදු කර තිබෙන බව පෙන්වා දුන් ඒ මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ස්තූතිය ද පළ කර සිටියේය.
ජාතිවාදය වැළැක්වීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේ විශාල වගකීමක් දේශපාලඥයින්ට හා මාධ්‍යයට තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.