නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි

    පෙබරවාරි 27, 2018

    දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා තවදුරටත් වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, දකුණ, සබරගමුව සහ වයඹ පළාත් වලත් නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    බස්නාහිර , නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට තද වැසි (මි.මී. 100 වැඩි) ඇති විය හැක.

    දිවයිනේ උතුරු,උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව ද අද (27) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya