අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ(26) දින කොළඹ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණියේ නිලධාරීන් පිරිසක් සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම් ධූරයන් ලබා දීමේ අවස්ථාවකට එක් වෙමිනි.
අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් මෙසේ ද කීවේය.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කියන්නේ මේ රටේ ප්‍රාදේශීය පරිපාලනය සිදුකරන අමාත්‍යාංශයට. එපමණක් නොවෙයි අපිට ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති කාර්යාලය ඇතුළු රේඛීය අමාත්‍යාංශ සියල්ලේ ම ව්‍යාපෘතීන් රට පුරාම ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කරන්න සිදුව තිබෙනවා. ගමේ ග්‍රාම නිලධාරියාගේ සිට උප්පැන්න සහතිකය, ඉඩම් ඔප්පුව ඇතුළු වටිනා ලේඛනවලත් වගකීම තිබෙන්නේ අපේ අමාත්‍යාංශයට.
අද අපේ අමාත්‍යාංශයට එක්ව සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ලෙස සිය රාජකාරී ආරම්භ කරන ඔබට නිතරම අසන්න ලැබෙන්නේ දකින්න ලැබෙන්නේ අහිංසක දුප්පත් ජනතාවගේ දුක,කඳුල, වේදනාව. අපි මේවාට විසඳුම් ලබාදිය යුතුයි. ඇතැම් විට ඔවුන් ඇවිත් කියන්නේඇත්ත නොවෙයි. නමුත් ඒවා ඉවසීමෙන් අහගෙන ඉන්න වෙනවා. මේවා කරන්න බැරිනම්.දුක අහන්න බැරිනම්, මේ දුකට වේදනාවට පිළියම් යොදන්න බැරිනම්, තරහා යනවානම්,අහිංසක මිනිසුන්ගේ ඇඟට කඩා පනිනවානම් මේ තනතුරේ වගකීම ඔබට දරන්න බැරි වෙනවා.
එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ආයතන සංග්‍රහය අනුව කටයුතු කිරීමට රජයේ නිලධාරීන් බැඳී සිටින බවයි. පත්වීම් ලබාගන්නා නිලධාරීන් සියලු දෙනාට පුද්ගලික දේශපාලන මතයක් තිබුණ ද රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ඔවුන් බැඳී සිටින බව ද අමාත්‍යවරයා සිහිපත් කළේය.
අපි දන්නවා මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනතාව තමයි පරමාධිපත්‍යය. ජනතාවගේ පරමාධිපත්‍ය අයිතියෙන් ජනතාව තමන්ගේ නියෝජිතයන් හැටියට පාර්ලිමේන්තුවට, පළාත් සභාවට හෝ ප්‍රාදේශීය සභාවට යවන දේශපලනඥයන් ඒ ඒ තලයන් හි තීන්දු තීරණ ගන්නවා. මේ තීන්දු තීරණ තම දේශපාලන මතයට එකඟ වුණත් නොවුනත් ඔබ ඒවා ක්‍රියාත්මක කළ යුතුයි. ඇතැම් අය හිතන්න පුළුවන් මේ පුටුවට ආවට පස්සේ දේශපාලනඥයන් කියන දේ කරන්න ඕන නැහැ කියා. නමුත් ඔබ එය කළ යුතුයි. රජයක් බලයට පත්වෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරලා. ජනතාව ඒක අනුමත කිරීමෙන්. ඒ රජය සිටිනතාක් කල් ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න රාජ්‍ය සේවකයාත් බැඳී සිටිනවා.
මෙහි දී අමාත්‍යවරයා කියා සිටියේ විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ මූළික උපාධිය හදාරන ලද පිිරසක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රාදේශීය පාලනය සඳහා පරිපාලන සේවයට එක්ව ඇති බවයි. ඔවුන් සියලු දෙනාගෙන් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බලාපොරොත්තු විය හැකි බව ද ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියා සිටියේය.
මේ අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස් මහතා ඇතුළුඅමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.