දියතලාව ප‍්‍රදේශයේ නිවාඩු නිකේතනයක් ඉදිකිරීමට එම සංගමය මගින් ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලක මහතාගෙන් කළ ඉල්ලීම අනුව,මෙම ප්‍රදානය සිදු කෙරිණි.
ඉඩම් හා පාර්ලිමේන්තු ඇමති ගයන්ත කරුණාතිලක මහතා විසින් හිටපු නාවික හමුදාපති, ශ‍්‍රි ලංකා නාවික හමුදා සංගමයේ වත්මන් සභාපති අද්මිරාල් දයා සඳගිරි මහතා වෙත ඉඩමෙහි අයිතිය ප‍්‍රදානය කළ එම අවස්ථාවට ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සම්පත් සුභසිංහආරච්චි මහතා සහ ශ‍්‍රි ලංකා නාවික හමුදා සංගමයේ ලේකම් රිය අද්මිරාල් ශ‍්‍රිමාල් ප‍්‍රනාන්දු යන මහත්වරුන් එක්ව සිටියහ.