නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "අපේ සුවය - රටේ සවිය" ජාතික වැඩසටහන

    පෙබරවාරි 21, 2018
     
    "අපේ සුවය - රටේ සවිය" නමින් ජාතික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කොට ඇත.
     
    ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පිහිටුවන විශේෂ මෙහෙයුම් ඒකකයක සම්බන්ධීකරණය යටතේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය හා අනෙකුත් අදාළ අමාත්‍යංශ හා ආයතන සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත. 
     
    ඒ අනුව මේ වසරේ පෙබරවාරි මාසයේ සිට පොළොන්නරුව, කළුතර, මොනරාගල, බදුල්ල මඩකලපුව හා කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක කෙරේ.
     
    බෝ නොවන රෝග වළක්වාගැනීම සඳහා ප්‍රජා සෞඛය සංවර්ධන වැඩසටහන් ග්‍රාමීය මට්ටමින් ආරම්භ කර ක්‍රියාත්මක කිරීම තුළින් බෝ නොවන රෝග හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව පත්ව ඇති අවදානම් තත්ත්වයෙන් ඔවුන් මුදවාගනිමින් නිරෝගීමත් කිරීම තුළින් ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya