මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවීන පහසුකම්වලින් සමන්විත බහුදින ධීවර යාත්‍රා නිපදවීම ඇරඹෙයි

    පෙබරවාරි 20, 2018

    නවීන පහසුකම්වලින් සමන්විත බහුදින ධීවර යාත්‍රා නිපදවීමේ වගකීම සී-නොර් ආයතනයට පැවරූ බවත් දැන් එම ආයතනය විසින් ඉතා හොඳ මට්ටමේ ධීවර යාත්‍රා නිපදවීම ආරම්භ කර තිබෙන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    සී-නෝර් පදනම විසින් ප්‍රථම වරට නිපදවන ලද අඩි 59ක දිගින් යුත් බහුදින ධීවර යාත්‍රා දෙකක් දියඹ ගත කිරීම පසුගියදා මට්ටක්කුලිය සී නෝර් පදනමේ ජැටියේ දී සිදු සිදුකෙරුණු අතර ඊට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ
    පැවසී ය.

     

    ඒ වගේම පසුගිය කාලයේ පාඩු ලැබූ, වසා දමන්නට සැරසී සිටි සී නෝර් ආයතනය අද ලාභ උපයන තත්ත්වයට පත්ව සිටිනවා. ඒ වගේම සී - නෝර් ආයතනයේ සේවක මණ්ඩලවලට ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කරගන්නටත් අවස්ථාව ලැබී තිබෙනවා.

     

    මේ සියල්ල අපිට කළ හැකි වුනේ නිවැරදි කළමණාකාරිත්වයක් යටතේ ඉදිරියට ගෙන යාමට කටයුතු කළ නිසායි. ඒ වගේම තමයි වත්මන් රජය යටතේ 2020 වන විට රැකියා දසලක්ෂයක් ලබා දීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ධීවර අංශයෙන් අපි රැකියා ලක්ෂයක් ලබා දීමට සුදානම්. පසුගිය වසර තුළ අපි ජලජීවි වගා අංශයේ රැකියා අවස්ථා 8000ක් පමණ නිර්මාණය කළා යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya