මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) මාර්ග ධාවනය ගාලු මුවදොර දී...

    පෙබරවාරි 19, 2018

    අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) මාර්ග ධාවනය - 2018,  කොළඹ, ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී කොළඹ 02, ආරක්ෂක සේවා විද්‍යාලය අසළින් අවසන් වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහභාගි විය.

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුණවර්ධන මහතා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, නාවික හමුදාපති, ගුවන් හමුදාපති, ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වත්මන් සභාපති, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා, යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ සුදසිංහ මහතා, නාවික හා ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම මාර්ග ධාවනය සඳහා සහභාගි වුහ.

    ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සිය ගණනකගේ සහභාගීත්වයෙන් මෙම අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල මාර්ග ධාවන තරඟය කොළඹ ප්‍රදේශයේ කිලෝමීටර් 02 ක දුරක් ආවරණය වන පරිදි පැවැත්විය.

    අන්තර් ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය / ‘Conseil International du Sport Militaire’ (CISM), 1948 පෙබරවාරි 18 දින ආරම්භ වූ අතර, එම දිනය වෙනුවෙන් සාමාජික රටවල් 133 ක ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මිත්‍රත්වයෙන් එක්රැස් වී විවිධ ක්‍රීඩා ඉසව් සංවිධානය කරනු ලැබේ.

    1998 වර්ෂයේ දී අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල මෙහෙවර ප්‍රකාශනය සඳහා සියලු සාමාජික රටවල් අත්සන් තබා ඇති අතර, ක්‍රීඩාව තුලින් සන්නද්ධ හමුදා එකමුතුවෙන් ලෝක සාමය “Friendship through Sport” ළඟා කරගැනීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

    මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආරක්ෂක ලේකම්තුමා වෙත සිය උණුසම් සුභ පැතුම් පිරිනැමු අතර, CISM මාර්ග ධාවනය සඳහා සහභාගිවූවන් වෙනුවෙන් සහතිකපත් ද ප්‍රදානය කරනු ලැබීය.

    අනතුරුව, මෙම අවස්ථාව සඳහා රෝද පුටුවලින් සහභාගිවූවන් සමඟ ආරක්ෂක ලේකම්තුමා සහ යුද්ධ හමුදාධිපතිතුමා සුහදව අදහස් හුවමාරු කරගත්හ.

    ‘CISM මාර්ග ධාවනය - 2018’ රංග කලා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද විනෝදාස්වාද අංගයන්ගෙන් වර්ණවත් විය.

    මෙම මාර්ග ධාවන තරඟය සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් ද එක්ව සිටියහ.

     

    Army

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya