මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය දිරිමත් කිරීමට පියවර

    පෙබරවාරි 18, 2018

    විසිතුරු මසුන් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කර ඇත.

    ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් නව විසිතුරු මත්ස්‍ය ප්‍රභේද හඳුන්වාදීම, අභිජනන කටයුතු, රෝග පැතිරීයාම වැළැක්වීම,ගුණාත්මක තත්ත්වයේ ආහාර ලබාදීම,වගාකරුවන් පුහුණු කිරීම හා දැනුවත් කිරීම සිදු කෙරේ.

    නාරා ආයතනයේ සහයෝගයෙන් නව මත්ස්‍ය ප්‍රභේද බිහි කිරීම, තාක්ෂණික සංවර්ධනය, මත්ස්‍ය රෝග නීර්ණය මත්ස්‍ය වගා කරුවන්ට ණය ලබාදීම ආදී ක්‍රමවේද ක්‍රියාත්මක වෙයි.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෙවනපිටිය විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථනයක් ඉදිකිරීම ආරම්භ කර තිබෙන බවත් පිත්තලම දිස්ත්‍රික්කයේ බංගදෙනියේ කරදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි  ධීවර අමාත්‍යාංශය නිකුත් කළ කාර්යසාධක වර්තවේ සඳහන් වෙයි.

    2017 සැප්තැම්බර් මස වනවිට විසිතුරු මසුන් අපනයනයෙන් රුපියල් මිලියන 1678ක් උපයාගැනීමට හැකි වී ඇති අතර 2016 වසරේ සම්පූර්ණ අපනයන ආදායම රුපියල් මිලියන 1847ක් බව වාර්තාව පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya