නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව දකුණු කොරියානු තානාපති සහ ඇමැති ෆයිසර් මුස්තාෆා අතර හමුවක්

    පෙබරවාරි 18, 2018

    නව දකුණු කොරියානු තානාපති ලී හොන් මහතා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අතර සුහද හමුවක් පසුගියදා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

    එහිදී පළාත් පාලන ආයතනවල කාර්ය භාරය වඩාත් විධිමත් කිරීම සඳහා දකුණු කොරියානු රජයේ උපදේශනය හා සම්පත්දායකත්වය පෙරටත් වඩා නව මුහුණුවරකින් ලබාදීමටත් ශ්‍රී ලංකාව හා කොරියානු රජය අතර ඇති මිත්‍රත්වය තවදුරටත් පවත්වාගෙන යෑම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

    පළාත් පාලන ආයතන විසින් කසල රැස්කරන මධ්‍යස්ථාන වෙත කසල ප්‍රවාහනය කිරීමට කම්පැක්ටර් රථ 190ක ප්‍රමාණයක් කොරියානු රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත ලබාදීමටත් මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරිණි.

    පළාත් පාලන ආයතන සඳහා කුඩා පරිමාණ කසල මඟින් හරිත විදුලි බලය උත්පාදන ව්‍යාපෘති මෙරටට හඳුන්වා දීමට අමාත්‍යවරයා විසින් සිදුකරන ලද ඉල්ලීමට එකඟත්වය පළ කෙරිණි.

    කොරියාවේ භාවිත නාගරික ගිනි නිවීමේ උපකරණ හා තාක්ෂණය මෙරටට ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya