මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයුර්වේදය ශක්තිමත් කෙරෙන නව දේශීය වෛද්‍ය සභා පනතක්

    පෙබරවාරි 16, 2018

    ආයුර්වේද වෛද්‍ය සභාවේ කටයුතු විධිමත් කිරීමේ අරමුණින් නව දේශීය වෛද්‍ය සභා පනතක් සකස් කිරීමට පියවර ගැනේ.

    වර්තමානයේ දේශීය වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලාංකිකයන් මෙන් ම විදේශිකයන් අතර ද ප්‍රචලිතව පවතින අතර කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස ආයුර්වේද වෛද්‍ය සභාවේ කාර්යයන් පුළුල් කිරීම යෝග්‍ය බවට රජය
    හඳුනාගෙන ඇත.

    ආයුර්වේද පනත යටතේ පිහිටුවන ලද ආයුර්වේද වෛද්‍ය සභාව විසින් වර්තමානයේ දී දේශීය වෛද්‍ය ක්‍රමය තුළ සේවයේ යෙදෙන වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම, නියාමනය කිරීම, හා ඔවුන්ගේ ආචාර ධර්ම සම්බන්ධයෙන්
    කටයුතු කිරීම සිදු කෙරේ.

    ඒ අනුව ආයුර්වේද වෛද්‍ය සභාවේ කටයුතු විධිමත් කිරීමේ අරමුණින් පනතක් සකස් කිරීම පිණිස සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අනුමැතිය ලැබී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya