නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    17දා කොළඹට පැය 24ක් වතුර කැපෙයි

    පෙබරවාරි 15, 2018
    එළැඹෙන 17දා පෙරවරු 9.00 සිට පසුදින  (18) දා පෙරවරු 9.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
     
    ඒ අනුව කොළඹ 1,2, 3, 4, 7, 8, 9, 10 සහ 11 යන ප්‍රදේශවලට සම්පූර්ණයෙන් ම ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 12 සහ 13 යන ප්‍රදේශවලට අඩු පීඩනයෙන් ජල සැපයුම සිදු කෙරෙනු ඇත.
     
    අඹතලේ ජල පරිපහදු මධ්‍යස්ථානයේ සිට මාලිගාකන්ද දක්වා දිවෙන ප්‍රධාන ජල නල මාර්ගයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇතැයි එම කාලසීමාවට අවශ්‍ය තරම් ජලය රැස්කර තබාගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya