මිත්තෙන් මහාභාරකාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ඉදි කර තැන්පත් කරන ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමාගේ පිළිරුව අද (14) පෙරවරුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදු කෙරේ.
එමෙන් ම මෙම අවස්ථාවට සමඟාමී ව මහාචාර්ය වික්‍රම වීරසූරිය මහතා විසින් අනුස්මරණ දේශනයක් පැවැත්වීමට නියමිතය.
මීට අමතර ව හෙට (15) අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනයක් ද 16දා මහා සංඝරත්නය උදෙසා පිරිනමනු ලබන සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.