අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුවට ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවක් නෑ - 2015 ජනවරම ඉටු කිරීමේ සටනේ රැදී සිටිනවා

    පෙබරවාරි 12, 2018

    අගමැතිවරයා වෙනස් කිරීමේ හෝ ආණ්ඩුව ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවක් මතු වී නොමැති බව ද සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

    “ප්‍රතිඵලය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළා. ආණ්ඩුවේ අඩු පාඩු නිවැරදි කරගෙන ඉදිරියට යාමට ඔවුන් දෙදෙනාම කැමැත්ත පළ කළා. පළාත් පාලන මැතිවරණය ජයගෙන අග්‍රාමාත්‍යවරයා වීමට හෝ මහ මැතිවරණයක් පැවැත්වීමට සිහිනයක සිටිය ද එය ඉටු වන්නේ නැහැ.

    හිටපු ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍ය ධූරය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය මෙතෙක් යෝජනා කර නැහැ. 2015 වසරේ වත්මන් රජයට ජනවරම ලබාදී ඇත්තේ දුෂණය සහ වංචාව පිටුදැකීමටයි. එය අඛණ්ඩව ඉදිරියට සිදු කිරීමට යහපාලන රජයේ නායකයින් එකගත්වයට පැමිණ තිබෙනවා. ජනවරමට අනුව අපේක්ෂාවන් ඉටු කිරීමේ සටනේ තවදුරටත් රැදී සිටිනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya