මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්දයට උපරිම ආරක්ෂාවක්-පොලීසිය

    පෙබරවාරි 10, 2018

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් අද දින (10) දිවයින පුරා උපරිම ආරක්ෂාවක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි, නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

    දිවයින පුරා පවතින පොලිස් කොට්ඨාස 42ක ඡන්ද රාජකාරී සඳහා පොලිස් නිලධාරින් 65000කට අධික ප්‍රමාණයක් වාර්තා කර ඇතැයි ද පොලිස් නිලධාරීන්ට අමතර ව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයින් 5900කට ආසන්න ප්‍රමාණයක් හා විශේෂ කාර්යය බලකායේ 4000ක් පමණ යොදවා ඇත.

    එමෙන් ම ජංගම සංචාර 3000කට අධික ප්‍රමාණයක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම ආවරණය වන පරිදි මෙම ජංගම සංචාර ක්‍රියාත්මක කෙරේ.සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම පොලිස් නිලධාරින් දෙදනෛකු බැගින් යොදවා ඇති අතර ඡන්ද මධ්‍යස්ථානය සහ ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානය අවට ද පොලිස් නිලධාරීන් යොදවා ඇත.

    ඒ අනුව සහකාර පොලිස් අධිකාරි, පොලිස් අධිකාරි හා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 255ක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 510ක්, පොලිස් පරීක්ෂක හා උප පොලිස් පරීක්ෂකවරුන් 5219ක්, කාන්තා පොලිස් පරීක්ෂක හා කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් 412ක්, පොලිස් සැරයන්වරුන් 14079ක්, පොලිස් කොස්තාපල්වරුන් 33385ක්, කාන්තා පොලිස් සැරයන්වරියන් හා කොස්තාපල්වරියන් 4383ක්, පොලිස් රියදුරන් 2019ක්, පොලිස් ආරක්ෂක සහායකවරුන් 1320ක්, පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් 4178ක් හා සිවිල් ආරක්ෂක භටයින් 5953ක ප්‍රමාණයක් මැතිවරණ රාජකාරි කටයුතුවල යොදවා ඇත.
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya