මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්දය දීමේ දී අනන්‍යතාවය තහවුරු කිරීම අනිවාර්යයයි

    පෙබරවාරි 10, 2018

    2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදළාව ඡන්දය දීමේ දී තම අනන්‍යතාවය තහවුරු කිරීම අනිවාර්යය බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    ඒ අනුව ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ නැතහොත් තාවකාලික හැඳුනුම්පත හෝ වලංගු රියදුරු බලපත්‍ර‍ය, වැඩිහිටි හැඳුනුම්පත, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, පූජ්‍ය/ජූජක උතුමන්ගේ
    හැඳුනුම්පත යන හැඳුනුම්පත් අතුරින් එකක් රැගෙන යාම අත්‍යවශ්‍ය වේ.

    එසේම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව රැගෙන යාම ඡන්ද හිමියාටත් මැතිවරණ කාර්ය මණ්ඩලයටත් පහසුවක් වන බැවින් එය රැගෙන යාමද වඩාත් යෝග්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.

    මෙම ඡන්ද විමසීම සමානුපාතික නියෝජනය හා කොට්ඨාස නියෝජනය යන ක්‍ර‍ම දෙකෙහිම ගුණාංගවලින් සමන්විත මිශ්‍ර‍ සමානුපාතික ක්‍ර‍මයකට පවත්වනු ලබයි.

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya