මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බීමතින් හා කළහකාරි ලෙස හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්ම

    පෙබරවාරි 10, 2018

    අද (10) පැවැත්වෙන 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් දිවයින පුරා උපරිම ආරක්ෂාවක් යොදවා ඇතැය ද ඡන්ද මධ්‍යස්ථාන වෙත පුද්ගලයින් බීමතින් පැමිණිය හොත් හෝ කළහකාරී ලෙස හැසිරුණහොත් ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි, නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

    එමෙන් ම ඡන්ද මධ්‍යස්ථාන වෙත හෝ ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත බීමතින් නොපැමිණෙන ලෙසත් එසේ පැමිණීම සඳහා අනුබල නොදෙන ලෙසත් සියලු අපේක්ෂකයන්ගෙන් පොලිසිය ඉල්ලා සිටී.

    යම් අවස්ථාවකදී ඡන්ද පෙට්ටි කොල්ලකෑම වැනි ක්‍රියාවට යම් පුද්ගලයින් ක්‍රියාකළහොත් සාධාරණ බලයක් යෙදවීමටත් ප්‍රතිවිරුද්ධ පාර්ශවය විසින් යොදනු ලබන බලය වැඩිනම් වෙඩි තැබීම වුවත් සිදු කිරීමට පොලිසියට බලය ඇති බවත් පෙන්වාදෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, එබැවික් කිසිඳු පුද්ගලයෙකු ඡන්ද මධ්‍යස්ථාන ආසන්නයේ හෝ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආසන්නයේ දී කලහකාරි ලෙස නොහැසිරෙන ලෙසත් බීමතින් පැමිණීමට කටයුතු නොකරන ලෙසත් වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    DB

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya