මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන මැතිවරණයට මාතර සූදානම් - ඡන්ද පෙට්ටි බෙදාහැරීම ඇරඹේ

    පෙබරවාරි 09, 2018

    2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සාමකාමී වාතාවරණයක් තුළ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් සමඟ අදාළ ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද (09) උදෑසන 8.00 සිට සිදු කරන බවත් මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පවසයි.

    මාතර දිස්ත්‍රික්කයේ මහා නගර සභා 01 ක්, නගර සභා 01 ක් හා ප්‍රාදේශිය සභා 15 ක් සඳහා වෙනුවෙන් සභිකයින් පත්කර ගැනීම සඳහා මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත් වේ. ඒ සඳහා අපේක්ෂකයින් 1854 දෙනෙකු ඉදිරිපත් වී සිටිති. ඒ අතරින් සභිකයින් 365 දෙනෙකු තෝරාපත්කර ගන්නා අතර සභිකයින් 224 දෙනෙකු ඡන්දයෙන් ද, සභිකයින් 141 දෙනෙකු ලැයිස්තුවෙන් ද තෝරාපත් කර ගැනීමට නියමිත ය. මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාස 222 පවතින අතර එයින් මී ඇල්ල හා තැනිපිට බහු මන්ත්‍රී කොට්ඨාස වේ.

    එම කොට්ඨාසවල මන්ත්‍රීවරුන් දෙදෙනා බැගින් තෝරා පත්කර ගැනේ. මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි සඳහා රජයේ නිලධාරීන් 7000 ට අධික පිරිසක් යොදා ගැනේ. මාතර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් 1800 ක් සහ වෙනත් ප්‍රදේශ වලින් කැඳවන ලද පොලිස් නිලධාරීන් 800 ක් වශයෙන් පොලිස් නිලධාරීන් 1600 ක් ද විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 80 ක් හා අනුකණ්ඩ පහක් රාජකාරි සඳහා යොදවා තිබේ.
    මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 644800 දෙනෙක් සිටිති. හෙට (10) දින මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 524 ක දී ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත ය.

     

    DSCN5696

    DMU/Matara 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya