නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතිපූජ්‍ය බෙල්ලන්විල විමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ජාතියට සමුදෙයි

    පෙබරවාරි 08, 2018

    අපවත්වී වදාළ අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද (08) සවස රාජ්‍ය අනුග්‍රහය සහිතව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේ දී සිදු කළහ.

    මහා සංඝරත්නය හා අන්‍යාගමික පූජ්‍ය පක්ෂය සහභාගිත්වයෙන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය ,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරු ඇතුළු දේශපාලන
    නියෝජිතවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, සිසු සිසුවියන්, ඇතුළු අතිවිශාල ජනතාවක් මේ අවස්ථාවට සහභගී විය.

    අතිපුජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියෝ සංඝ පීතෘවරයකු ලෙස ශ්‍රී ලාංකික ජනතාවගේ උන්නතිය වෙනුවෙන් මඟ කියා දෙමින් යුග මෙහෙවරක් ඉටු කළහ. සියලු ජාතීන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් සමාජය අවධි කළහ.අධ්‍යාපනික වශයෙන් ද සුවිසල් මෙහෙවරක නිරත වූ හිමිනමක් වන අතර උන් වහන්සේ බෞද්ධ දර්ශනයෙන් සාමය හා සංහිඳියාව ගොඩනැගීම සඳහා නිරන්තරයෙන් කැප වූ අතර ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේ ද මහත් ගෞරවයට පත්‍ර ව සිටියහ.

     

    bell

     

    heee

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya