2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙතින් බස් රථ 1337ක් යොදවා ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන) පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
මැතිවරණ රාජකාරි කටයුතු සඳහා යොදවා ඇති නිලධාරීන් ප්‍රවාහනය, ඡන්ද පෙට්ටි ප්‍රවාහන හා ආරක්ෂක අංශවල රාජකාරි කටයුතු සඳහා මෙලෙස ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ යොදවා තිබේ.