ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන් උන්වහන්සේ කටයුතු කළ අතර ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අතිපුජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියෝ සංඝ පීතෘවරයකු ලෙස ශ්‍රී ලාංකික ජනතාවගේ උන්නතිය වෙනුවෙන් මඟ කියා දෙමින් යුග මෙහෙවරක්මෙ හෙවරක් ඉටු කළහ. සියලු ජාතීන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් සමාජය අවධි කළහ.
අධ්‍යාපනික වශයෙන් ද සුවිසල් මෙහෙවරක නිරත වූ හිමිනමක් වන අතර උන් වහන්සේ බෞද්ධ දර්ශනයෙන් සාමය හා සංහිඳියාව ගොඩනැගීම සඳහා නිරන්තරයෙන් කැප වූ අතර ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේ
ද මහත් ගෞරවයට පත්‍ර ව සිටියහ.
අද දින පැවැත්වීමට නියමිත ආදාහන පූජෝත්සවය වෙනුවෙන් ප්‍රදේශයේ විශේෂ රථවහාන සැළැස්මක් ද ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.