නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක සෞඛ්‍ය දින ජාත්‍යන්තර උත්සවය නෙළුම් පොකුණ රඟහලේ දී

    පෙබරවාරි 06, 2018
    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්  ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට යෝජනා කර ඇති ලෝක සෞඛ්‍ය දින ජාත්‍යන්තර උත්සවය පිළිබඳ මුලික සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
     
    ලෝක සෞඛ්‍ය දින ජාත්‍යන්තර උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට මෙහිදී තීරණය විය.
     
    අප්‍රේල් මස 07 දින දවස පුරා එම උත්සවය පැවැත්වෙන අතර, එදින පස්වරුවේ අනාගත නායකයින් බිහි කිරීමේ අරමුණින් සිසු හමුවක් ද කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. උත්සවය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරිමට ද තීරණය කෙරුණි.
     
    මෙම උත්සවයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr Tedros Adhanom Ghebreyesus සහ එම සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල අධ්‍යක්ෂිකා පූනම් චෙට්ට්‍රපාල් සිං මහත්මිය ඇතුලු රටවල් රැසක සෞඛ්‍ය අමාත්‍යවරුන් සහභාගිවීමට නියමිතය. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya