නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභිමානවත් නිදහස් උළෙලක්- ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහ සංස්කෘතික දැක්මක් - රාජ්‍ය තාන්ත්‍රික සහභාගීත්වයක්

    පෙබරවාරි 04, 2018

    ''එකම දැයක්''තේමාව පෙරදැරිව සමරන අභිමානවත් 70 වැනි නිදහස් දිනය අද (4) කොළඹ,ගාලු මුවදොරදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

    අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාඅත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් රජයේ මැති ඇමැතිවරු ඇතුළු දෙස් විදෙස් විශේෂ රාජ්‍ය තාන්ත්‍රික අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් අභිමානවත් නිදහස් සැමරුම ආරම්භ විය.


    ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වය ඔප්නංවමින් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් මේ අවස්ථාවට එක් වූ අතර, එක්සත් රාජධානියේ එඩ්වඩ් කුමරු( Prince Edward, Earl of Wessex)
    සහ එම ආර්යාව සොපී රීස් ජෝන්ස් කුමරිය උළෙලට සම්ප්‍රාප්තවීම සිදුවිය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිතුමිය සැමරුම් අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව, අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිතුමියගේ
    සම්ප්‍රාප්තිය සිදු විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් ජනාධිපතිතුමා පිළිගනු ලැබීය.

    ඉන් අනතුරුව මඟුල් බෙර වාදනය සහ සක් පිඹීම මධ්‍යයේ අතිගරු ජනාධිපතිතුමා ජාතික ධජය එසවීම සිදු කළේ ය. පාසල් සිසු සිසුවියන් 110 දෙනෙකු විසින් ජාතික ගීය ගායනා කිරීම සිදු කළේ ය. ඉන් අනතුරුව පාසල්
    සිසුවියන් විසින් ජයමංගල ගාථා සහ ''දේවෝ වස්සතු කාලේන'' ගායනා කිරීම සිදු කළේ ය.


    ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය තිර පැවැත්ම වෙනුවෙන් දිවි පිදූ සියලුම ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්විණි. ඉන් අන්තුරුව අතිගරු ජනාධිපතිතුමා වෙත ආචාර වෙඩිමුර සහිතව ත්‍රිවිධ හමුදා උත්තමාචාරය පිදීම සිදු විය.

    ඉන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමා විසින් ජාතිය ඇමතීම සිදු කරන ලදී. ත්‍රිවිධ හමුදාව ,පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය මෙන්ම සංස්කෘතික කණ්ඩායම් විසින් පවත්වනු ලබන ආචාර පෙළපාලිය සහ සංස්කෘතික පෙළපාලීය, විචිත්‍රවත් ගුවන් පැරෂුට් සංදර්ශන පැවැත්විණි.

    ආචාර පෙළපාලීය අවසන්වීමෙන් අනතුරුව පාසල් සිසු සිසුවියන් 110 දෙනෙකු විසින් ජාතික ගීය ගයනා කළ අතර ආරාධිත අමුත්තන්ගේ නික්ම යෑමෙන් අනතුරුව අභිමානවත් නිදහස් උළෙලේ සමාප්ත වීම සිදු විය.

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් නිදහස් උළෙල සංවිධානය කොට තිබුණි.

     

     nida4

    indi2

     

    nida2

     

     

    indi3

     

    indi1

     

    nida1

     

    nida3

    ඡායාරූප- යමුනී රශ්මිකා පෙරේරා

    ලක්සිරි අල්විස්

    තුසිත චන්ද්‍රකුමාර

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya