මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආචාර පෙළපාලියට යුද,ගුවන්,නාවික,පොලිස් ඇතුළු 7104ක් - වාදන හා නර්තන ශිල්පීන් 550ක්

    පෙබරවාරි 04, 2018

    70 වැනි නිදහස් දින සමරු උත්සවයේ ආචාර පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය හා ජාතික ශිෂ්‍ය භට බලකාය ඇතුළුව 7104ක් සහභාගී වීමට නියමිතය.

    ඒ අනුව ආචාර පෙලපාලිය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව 3620ක්, ශ්‍රී ලංකා නාවික හමුදාව 1249ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව 830ක් ශ්‍රී ලංකා පොලීසිය 800ක් සිවිල් ආරක්ෂක බලකාය 505ක් ජාතික ශිෂ්‍ය භට බලකාය 100ක්
    සහභාගී වනු ඇත.

    එමෙන් ම සංස්කෘතික පෙළපාලිය සඳහා සංස්කෘතික මධ්‍යස්ථානවල නර්තන හා වාදන ශිල්පීන් 550ක් සහභාගීවීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

    හේවිසි කණ්ඩායම්, වෙස් නර්තන, තෙල්මේ නර්තන, භරත නාට්‍යම්, මුස්ලිම් ලී කෙළි නර්තන, ජන නටුම් ( කුලු / දෑකැති ), ජන නැටුම් (සවරං ) නව නිර්මාණ නර්තන සංස්කෘතික පෙළපාලියට ඇතුළත් වෙයි. 

     

    ඡායාරූපය- යමුනී රශ්මිකා පෙරේරා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya