අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්මලාන අන්ද විද්‍යාලයේ ප්‍ර‍දර්ශනය එඩ්වඩ් කුමරු අතින් විවෘත වෙයි

    පෙබරවාරි 03, 2018

    ශ්‍රී ලංකා සංචාරයක නිරත බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු සහ එම ආර්යාව අද (03) රත්මලාන අන්ද විද්‍යාලයේ පැවති උත්සවයකට එක්ව සිටියහ.

    කථන හා දෘෂ්‍ය ආබාධිත දරුවන්ගේ නිර්මාණයන්ගෙන් සමන්විත අත්කම් ප්‍ර‍දර්ශනයක් එඩ්වඩ් කුමරු අතින් විවෘත වූ අතර එඩ්වට් කුමරු සමඟ ආර්යාව එම ප්‍ර‍දර්ශනය කුටි නිරීක්ෂණයට එක්ව සිටියහ.

    පසුව පැවැති සංස්කෘතික නර්තන දැක්ම නැරඹීමට ද එඩ්වඩ් කුමරු ඇතුළු පිරිසක් එක්වූහ.

    එඩ්වඩ් කුමරුට සහ එම ආර්යාවට මෙම දරුවන් විසින් සමරු පලක ලබාදීම ද මෙහිදී සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya