අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර යෞවන තිළිණ ප්‍රදානෝත්සවය අදයි

    පෙබරවාරි 04, 2018

    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ, ජාතික තරුණ සේවා සභාව යටතේ ක්‍රියාත්මක වන ජාතික යෞවන තිළිණ ප්‍රදාන අංශය විසින් සංවිධානය කරනු ලබන එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර යෞවන තිළිණ ප්‍රදානෝත්සවය අද (4) ප.ව. 4.00ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය.


    1956 වසරේ දී ආරම්භ කළ එඩින්බරෝ ආදිපාද ජත්‍යන්තර තිළිණ වැඩසටහන දැනට ලෝකයේ රටවල් 140ක  පමණ ක්‍රියාත්මක වන අතර 1979 වසරේ දී ශ්‍රී ලංකාව සම්බන්ධ වී ඇත. යෞවන ප්‍රජාවේ දක්ෂතා හා පෞරුෂ වර්ධනය, අභියෝග ජයගැනීම, නවෝත්පාදයන්ට යොමු කිරීම වැනි නායකත්ව කුසළතා හා නිපුණතා සංවර්ධනය තුළින් තමන් ජීවත්වන සමාජනයට ප්‍රති උපකාර කිරීමේ වැඩදායී සාරධර්මවලින් යුත් යෞවනයකු බිහි කිරීම මෙම වැඩසටහනේ යෝජිත අරමුණයි.

    මෙම උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහ බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරුගේ සහ එම කුමරියගේ ගෞරවනීය සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු
    සැලසුම් කොට ඇතැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවසයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya